සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:147

وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَلِقَاءِ الْآخِرَةِ حَبِطَتْ أَعْمَالُهُمْ ۚ هَلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُوا يَعْمَلُونَ

තවද අපගේ වදන් හා මතු ලොව හමු ව බොරු කළවුන් වන ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල විය. ඔවුන් කරමින් සිටි දෑ සඳහා මිස ඔවුනට ප්‍රතිඵල දෙනු ලබනු ඇත් ද?

තෆ්සීර්

අපගේ දූතවරුන් සත්ය බව පෙන්වා දෙන අපගේ සංඥාවන් බොරු කොට, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ හමුව බොරු කළවුන් වනාහි, ඔවුන්ගේ ක්රියාවන් අවනතවීමේ වර්ගයට අයත්ව තිබිය දී ඒවා නිෂ්ඵල විය. විශ්වාසය යන කොන්දේසිය එහි නොමැති බැවින් ඒවා සඳහා කුසල් හිමිවන්නේ නැත. ඔවුන් අල්ලාහ් ව ප්රතික්ෂේප කරමින් හා ඔහුට ආදේශ තබමින් කටයතු කළ දෑට සරිලන ප්රතිවිපාක, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පිරිනමනු ලබති. එහි ප්රතිවිපාකය වනුයේ නිරා ගින්නේ සදාතනිකභාවයයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න