සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:146
سَأَصْرِفُ عَنْ آيَاتِيَ الَّذِينَ يَتَكَبَّرُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَإِنْ يَرَوْا كُلَّ آيَةٍ لَا يُؤْمِنُوا بِهَا وَإِنْ يَرَوْا سَبِيلَ الرُّشْدِ لَا يَتَّخِذُوهُ سَبِيلًا وَإِنْ يَرَوْا سَبِيلَ الْغَيِّ يَتَّخِذُوهُ سَبِيلًا ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَذَّبُوا بِآيَاتِنَا وَكَانُوا عَنْهَا غَافِلِينَ
යුක්තියෙන් තොර ව පොළොවේ උඩඟුකම් පාන්නන් අපගේ සංඥාවන්ගෙන් නියත වශයෙන්ම අපි මතු හරවන්නෙමු. ඔවුන් කවර සංඥාවක් දුටුව ද එය ඔවුහු විශ්වාස නොකරති. තවද ඔවුන් ඍජු මාර්ගය දකින්නේ නම් එය ඔවුහු (ඍජු) මඟක් ලෙස නොගනිති. සීමාව ඉක්ම වූ මාර්ගයක් දකින්නේ නම් එය මඟක් ලෙස ගනිති. එය ඔවුන් අපගේ වදන් බොරු කළ බැවින් හා ඒ පිළිබඳ ව ඔවුන් අනවධානීන් ලෙස සිටි බැවිනි.
තෆ්සීර්
කිසිදු යුක්තියකින් තොර ව අල්ලාහ්ට නැමදුම් කිරීමට හා සත්යය පිළිපැදීමට, අහංකාරකම් පාන්නන් විශ්වයේ හා ජීවිත තුළ පිහිටා ඇති මාගේ සංඥාවන් පිළිබඳ සැලකිලිමත් වීමෙන් ද, මාගේ පුස්තකයේ ඇති වදන් පිළිබඳ අවබෝධය ලැබීමෙන් ද මම ඔවුන් හරවා දමමි. ඔවුහු සියලු සංඥාවන් දුටුව ද ඒවා සත්ය බව විශ්වාස නොකරති. ඔවුන් ඒවාට විරුද්ධ වී ඒවායින් ඈත් වෙති. ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමග මුරණ්ඩු ලෙස කටයුතු කරති. අල්ලාහ්ගේ තෘප්තිය ගෙන දෙන සත්ය මාර්ගය ඔවුන් දුටුවේ නම් ඒ මත ගමන් නොකරති. එහි කැමැත්තක් අති කර නොගනිති. එමෙන්ම ඔවුන් අල්ලාහ්ගේ කෝපය ගෙන දෙන මුළාව හා අන්තවාදී මාර්ගයක් දුටුවේ නම්, ඒ මත ගමන් කරති. එවන් තත්ත්වයක් ඔවුනට ඇති වූයේ දහම් දූතවරු කවර කරුණක් ගෙන ආවේ ද එය තහවුරු කරන අල්ලාහ්ගේ මහත් සාක්ෂි හා සාධක ඔවුන් බොරු කරමින් සිටි බැවින් හා ඒ ගැන අවධානයෙන් බැලීමට ඔවුන් නොසැලකිලිමත් වූ බැවිණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න