සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:145
وَكَتَبْنَا لَهُ فِي الْأَلْوَاحِ مِنْ كُلِّ شَيْءٍ مَوْعِظَةً وَتَفْصِيلًا لِكُلِّ شَيْءٍ فَخُذْهَا بِقُوَّةٍ وَأْمُرْ قَوْمَكَ يَأْخُذُوا بِأَحْسَنِهَا ۚ سَأُرِيكُمْ دَارَ الْفَاسِقِينَ
ඔහු වෙනුවෙන් පුවරු වල සෑම දෙයක්ම ලිව්වෙමු. එය උපදෙසක් හා සෑම දෙයක්ම විග්රහ කරන්නක් වශයෙන් විය. එබැවින් එය බලවත් ලෙස ග්රහණය කර ගනු. එමෙන්ම එය වඩා අලංකාර අයුරින් ග්රහණය කර ගන්නා මෙන් නුඹේ ජනයාට ද නුඹ නියෝග කරනු. පාපතරයින්ගේ නිවහන මම නුඹලාට පෙන්වමි (යැයි ඔහු පැවසුවේය.)
තෆ්සීර්
උපදෙස් ලබන්නන්හට උපදෙසක් වශයෙන් ද, නීති පැහැදිලි කර ගැනීමට අවශ්ය පැහැදිලි කිරීමක් වශයෙන් ද, ඉස්රාඊල් දරුවන්ගේ මෙලොව හා මතු ලොව අවශ්ය සියලු කරුණු ලී හා වෙනත් ඵලක වල මූසා වෙනුවෙන් අපි ලියා සටහන් කළෙමු. අහෝ මූසා! මනා ලෙස හා කැපවීමෙන් තව්රාතය පිළිපදිනු. ඔබේ සමූහයා වන ඉස්රාඊල් දරුවන්ට පූර්ණවත් කරන මෙන් නියෝග කරනු ලැබූ දෑ ක්රියාවට නැංවීම, සමාව හා ඉවසීම වැනි එහි සඳහන් මහත් ප්රතිඵල ගෙන දෙන දෑ මැනවින් පිළිපදින මෙන් නියෝග කරනු. මාගේ නියෝගය පිටුපා මට අවනත වීමෙන් බැහැරවූවන්හට හිමි දඬුවම මම නුඹලාට මතු පෙන්වමි. එමෙන්ම ඒ සඳහා අත්වන විනාශය හා ඛේදය ද මම පෙන්වමි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න