සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:144
قَالَ يَا مُوسَىٰ إِنِّي اصْطَفَيْتُكَ عَلَى النَّاسِ بِرِسَالَاتِي وَبِكَلَامِي فَخُذْ مَا آتَيْتُكَ وَكُنْ مِنَ الشَّاكِرِينَ
අහෝ මූසා ! නියත වශයෙන්ම මම මාගේ දූත පණිවිඩ තුළින් ද මා ඔබ සමඟ කතා කිරීම තුළින් ද මා ඔබ ව ජනයාට වඩා ශ්රේෂ්ඨ කළෙමු. එබැවින් මා නුඹට පිරි නැමූ දෑ ගනු. තවද නුඹ කෘතවේදීන් අතුරින් වනු යැයි ඔහු පැවසුවේය.
තෆ්සීර්
අල්ලාහ් මූසාට, "අහෝ මූසා! සැබැවින්ම මම ඔබ ව තෝරා ගත්තෙමි. ඔවුන් වෙත මා ඔබ ව දූතයකු ලෙස එවූ අවස්ථාවේ මාගේ දූත මෙහෙය ඔබට ලබා දී ජනයා ඉදිරියේ මම ඔබ ව ශ්රේෂ්ඨ කළෙමි. කිසිදු මාධ්යයකින් තොර ව ඔබත් සමග මා කතා කිරීමෙන් මම ඔබ ව ශ්රේෂ්ඨ කළෙමි. ඔබට මා පිරිනැමූ මෙම ගෞරවනීය නිලය ප්රවේශම් කර ගනු. මෙම මහත් වූ දීමනාව වෙනුවෙන් ඔබ අල්ලාහ්ට කෘතඥ වන්නන් අතරට පත්වනු’ යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න