සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:143
وَلَمَّا جَاءَ مُوسَىٰ لِمِيقَاتِنَا وَكَلَّمَهُ رَبُّهُ قَالَ رَبِّ أَرِنِي أَنْظُرْ إِلَيْكَ ۚ قَالَ لَنْ تَرَانِي وَلَٰكِنِ انْظُرْ إِلَى الْجَبَلِ فَإِنِ اسْتَقَرَّ مَكَانَهُ فَسَوْفَ تَرَانِي ۚ فَلَمَّا تَجَلَّىٰ رَبُّهُ لِلْجَبَلِ جَعَلَهُ دَكًّا وَخَرَّ مُوسَىٰ صَعِقًا ۚ فَلَمَّا أَفَاقَ قَالَ سُبْحَانَكَ تُبْتُ إِلَيْكَ وَأَنَا أَوَّلُ الْمُؤْمِنِينَ
අප නියම කළ ස්ථානයට මූසා පැමිණ, ඔහු සමඟ ඔහුගේ පරමාධිපති කතා කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණනි ! (ඔබ ව) මට පෙන්වනු මැනව ! මා ඔබ ව බැලිය යුතුය යැයි පැවසුවේය. එයට ඔබ මා දැකිය නොහැක්කේමය. එනමුත් එම කන්ද දෙස බලනු. එය ස්ථාවර ව පිහිටියේ නම් ඔබ මා දකිනු ඇත යැයි පැවසුවේය. ඔහුගේ පරමාධිපති එම කන්දෙහි හෙළි වූ කල්හි එය සුනු විසුනු බවට පත් කළේය. තවද මූසා සිහිමුර්ජා වී වැටුණේය. පසුව ඔහුට (සිහිය) පැහැදිලි වූ කල්හි ‘ඔබ සුපිවිතුරුය. මම ඔබ වෙත පසුතැවිලි වී හැරුණෙමි. දේව විශ්වාසවන්තයින්ගේ පළමුවැනියා මම වෙමි යැයි කීය.
තෆ්සීර්
මූසා (අලය්හිස් සලාම්) තුමාට නියම කළ ප්රතිඥත කාලය (පූර්ණ දින හතළිහ) තුළ ඔහුගේ පරමාධිපති හමුවීමට ඔහු පැමිණි අවස්ථාවේ ඔහු සමග කතා කළ යුතු නියෝග හා තහනම් කරුණු ඇතුළු ව වෙනත් දෑ පිළිබඳ ව ඔහුගේ පරමාධිපති ඔහු සමග කතා කළේය. තම පරමාධිපති ව දැක බලා ගැනීමට ඔහු ආශා කළේය. ඔහුව පියවි ඇසින් බලන්නට ඔහුගෙන් ඉල්ලා සිටියේය. එවිට උත්තරීතර අල්ලාහ් ඔහුට පිළිතුරු වශයෙන්, "මෙලොව ජීවිතයේ ඔබ මා දකින්නට තරම් ශක්තියක් ඔබට නොමැති බැවින්, ඔබ මා කිසි විටෙක දැකිය නොහැකි වන්නේය. නමුත් එම කන්ද දෙස බලනු. එහි මා නිරූපණය වන විට එය එම ස්ථානයේම පිහිටියේ නම් බලපෑමක් ඇති නොවන්නේය. එවිට ඔබ මා දකිනු ඇත. පොළොවට එය සමතලා වූයේ නම්, මෙලොවෙහි කිසි විටෙක ඔබ මා නොදකිනු ඇත. අල්ලාහ් එම කන්දට නිරූපණය වූ කල්හි ඔහු එය පොළොවට සමතලා කළේය. මූසා සිහිවිකල්වී ඇද වැටුණේය. ඔහු සිහි මුර්ජාවෙන් අවදි වූ කල්හි, "මාගේ පරමාධිපතියාණනි! ඔබට කිසිවක් සම්බන්ධ කළ නොහැකි සියලු දැයින් ඔබ පිවිතුරුය. මෙලොවෙහි දී මා ඔබ ව දැකිය යුතු යැයි මා ඔබෙන් ඉල්ලා සිටීම ගැන මෙන්න මම ඔබෙන් සමාව අයැද සිටිමි. තවද මාගේ සමූහයා අතරින් ඔබ ව විශ්වාස කළ පළමුවැන්නා මම වෙමි.’ යැයි පවසා සිටියේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න