සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:142
۞ وَوَاعَدْنَا مُوسَىٰ ثَلَاثِينَ لَيْلَةً وَأَتْمَمْنَاهَا بِعَشْرٍ فَتَمَّ مِيقَاتُ رَبِّهِ أَرْبَعِينَ لَيْلَةً ۚ وَقَالَ مُوسَىٰ لِأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَأَصْلِحْ وَلَا تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ
මූසාට අපි රාත්රී තිහක් ප්රතිඥා දුනිමු. තවද අපි එය (දින) දහයකින් පූර්ණ කළෙමු. ඒ අනුව ඔහුගේ පරමාධිපතිගේ නිශ්චිත කාලය රාත්රී හතළිහක් ලෙස සම්පූර්ණ විය. මාගේ සමූහයා අතර මා වෙනුවෙන් නුඹ නියෝජනය කරනු. තවද විධිමත් කරනු. තවද නුඹ කලහකාරීන්ගේ මඟ අනුගමනය නොකරනු යැයි මූසා ඔහුගේ සහෝදර හාරූන්ට කීවේය.
තෆ්සීර්
අල්ලාහ් තමන් හමුවන මෙන් ඔහුගේ දූත මූසා (අලය්හිස් සලාම්) තුමාණන්හට රාත්රී තිහක් ප්රතිඥා දුන්නේය. තවත් රාත්රී දහයක් අධික කරමින් අල්ලාහ් එය පූර්ණ කළේය. එවිට එය රාත්රි හතළිහක් බවට පත් විය. මූසා (අලය්හිස් සලාම්) තම පරමාධිපති හමුවීමට යෑමට අදහස් කළ කල්හි ඔහුගේ සහෝදර හාරූන්ට, ‘අහෝ හාරූන්! මා වෙනුවට ඔබ මාගේ සමූහයා අතර නියෝජිතයකු වනු. ඔවුන් සමග මෘදු ව කටයුතු කර, ඔවුන්ගේ කටයුතු යහපත් ලෙස පාලනය කර විධිමත් කරනු. පාපකම් සිදු කොට කලහකාරීන්ගේ මාර්ගයේ ගමන් නොකරනු. පාපතරයින්හට ඔබ උදව්කරුවකු නොවනු.’ යැයි පවසා සිටියේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න