සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:141
وَإِذْ أَنْجَيْنَاكُمْ مِنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوءَ الْعَذَابِ ۖ يُقَتِّلُونَ أَبْنَاءَكُمْ وَيَسْتَحْيُونَ نِسَاءَكُمْ ۚ وَفِي ذَٰلِكُمْ بَلَاءٌ مِنْ رَبِّكُمْ عَظِيمٌ
නුඹලාගේ පිරිමි දරුවන් ඝාතනය කර නුඹලාගේ ගැහැනුන් ජීවත් කරවා දඬුවමේ වේදනාව විඳවන්නට සැලැස් වූ ෆිර්අවුන්ගේ පැලැන්තියෙන් නුඹලාව මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු. තවද මෙහි නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පරීක්ෂණයක් විය.
තෆ්සීර්
අහෝ ඉස්රාඊල් දරුවනි! ෆිර්අවුන් හා ඔහුගේ පිරිස නුඹලා සමග පහත් ලෙස කටයුතු කිරීමෙන්, අපි නුඹලා මුදවා ගත් අවස්ථාව මෙනෙහි කර බලනු. ඔවුහු නුඹලාට විවිධ වේදනාවන් විඳින්නට සැලැස්සුවෝය. නුඹලාගේ පිරිමි දරුවන් මරා දමා, ගැහැනු දරුවන් සේවය සඳහා තබා ගත්තෝය. ෆිර්අවුන් හා ඔහුගේ පිරිසෙන් නුඹලා ව මුදා ගැනීමෙහි නුඹලාගේ පරමාධිපතිගෙන් වූ මහත් පිරික්සුමක් විය. එය නුඹලා කෘතඥවීම නියම කර වීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න