සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:140

قَالَ أَغَيْرَ اللَّهِ أَبْغِيكُمْ إِلَٰهًا وَهُوَ فَضَّلَكُمْ عَلَى الْعَالَمِينَ

‘ලෝවැසියනට වඩා නුඹලා ව ඔහු උසස් කර තිබිය දී අල්ලාහ් නොවන දෑ ද මා නුඹලා වෙනුවෙන් සෙවිය යුත්තේ’ යැයි ඔහු (මූසා) පැවසුවේය.

තෆ්සීර්

මූසා තම ජනයා දෙස බලා, "මාගේ ජනයිනි! නුඹලා නැමදීම සඳහා අල්ලාහ් නොවන වෙනත් දෙවියෙකු නුඹලා වෙනුවෙන් මා පැතිය හැක්කේ කෙසේද? නුඹලා දෑසින් දැකිය යුතු අතිමහත් ඔහුගේ සංඥා සහ සාධක නුඹලා දුටුවෙහුය. නුඹලාගේ සතුරන් විනාශ කොට, මහපොළොවේ නියෝජනය නුඹලාට හිමි කර දී, එහි නුඹලාට පහසුකම් සලසා දී, නුඹලාට ආශිර්වාද කිරීම තුළින් නුඹලාගේ යුගයේ විසූ ලෝවැසියන්ට වඩා නුඹලා ව ශ්රේෂ්ඨත්වයට පත් කළේ උත්තරීතර අල්ලාහ්ය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න