සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:150

وَلَمَّا رَجَعَ مُوسَىٰ إِلَىٰ قَوْمِهِ غَضْبَانَ أَسِفًا قَالَ بِئْسَمَا خَلَفْتُمُونِي مِنْ بَعْدِي ۖ أَعَجِلْتُمْ أَمْرَ رَبِّكُمْ ۖ وَأَلْقَى الْأَلْوَاحَ وَأَخَذَ بِرَأْسِ أَخِيهِ يَجُرُّهُ إِلَيْهِ ۚ قَالَ ابْنَ أُمَّ إِنَّ الْقَوْمَ اسْتَضْعَفُونِي وَكَادُوا يَقْتُلُونَنِي فَلَا تُشْمِتْ بِيَ الْأَعْدَاءَ وَلَا تَجْعَلْنِي مَعَ الْقَوْمِ الظَّالِمِينَ

තවද මූසා තම සමූහයා වෙත දැඩි කෝපයෙන් හා දුකින් පැමිණ කල්හි ‘මගෙන් පසු ව නුඹලා මා නියෝජනය කළ අයුරු නපුරු විය. නුඹලාගේ පරමාධිපතිගේ අණට නුඹලා ඉක්මන් වූයේ දැයි ඇසීය. තවද එතුමා (දේව පණිවිඩ සඳහන්) පුවරු පහත හෙළා තම සහෝදරයාගේ හිස අල්ලා තමන් වෙත ඇද්දේය. ‘මාගේ මවගේ පුතණුවනි ! සැබැවින්ම මෙම සමූහයා මා දුර්වලයකු යැයි සිතූහ. මා මරා දැමීමට තැත් කළහ. එබැවින් නුඹ මා ගැන සතුරන් (ඉදිරියේ) සිනහවට ලක් නොකරනු. තවද අපරාධකාරී ජනයා සමඟ මා පත් නොකරනු යැයි ඔහු (හාරූන්) කීය.

තෆ්සීර්

මූසා (අලය්හිස් සලාම්) තුමා තම පරමාධිපති මුණ ගැසී, තම සමූහයා වෙත පැමිණෙන අවස්ථාවේ දී ඔවුන් වසු පැටවා නැමදුමට ගෙන තිබීම දුටු එතුමා ඔවුන් කෙරෙහි කෝපයෙන් හා කනස්සල්ලෙන් පිරී සිටි කල්හි එතුමා, ‘මා නුඹලා වෙතින් ගිය පසු ව නුඹලා මා වෙනුවෙන් නියෝජනය කළ තත්ත්වය ඉතා නරකය. එය විනාශය හා අභාග්යය අත් කර දෙනු ඇත. මා ගැන බලාපොරොත්තු අතහැර දමා නුඹලා වසු පැටවා නැමදුම් කිරීමට ඉදිරිපත් වූයෙහුද? තමාට ඇති වූ දැඩි කෝපය හා කනස්සල්ල හේතුවෙන් එම ඵලක විසි කර දැමුවේය. තම සහෝදරයා වන හාරූන් ඔවුන් සමග සිටියදී ඔවුන් වසු පැටවා නැමදුමට ගත් අවස්ථාවේ එය ඔහු නොවැළැක්වූ බැවින් මූසා තුමා ඔහුගේ හිසෙන් අල්ලා, ඔහුගේ රැවුලෙන් ඇද, තමන් වෙත ළං කර ගත්තේය. හාරූන් මූසාට නිදහසට කරුණු දක්වමින් ඉතා ආදරයෙන්, ‘අහෝ: මාගේ මවගේ පුතණුවනි! සැබැවින්ම මෙම සමූහයා මා දුර්වලයකු සේ සැළකුවෝය. එහෙයින් ඔවුහු මා අවමන් කොට මා මරන්නට තැත් කළෝය. මෙසේ තිබියදී මාගේ සතුරන් සතුටු වන පරිදි මා හට ඔබ දඬුවම් නොකරනු. ඔබට මා කෙරෙහි ඇති කෝපය නිසාවෙන්, අල්ලාහ් නොවන දෑට ඔවුන් නැමදුම් කිරීම හේතුවෙන් අපාරධකාරයින් බවට පත් වූවන්ගේ ගොඩට මා ද පත් නොකරනු මැනව!' යැයි පවසා සිටියේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න