සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:134
وَلَمَّا وَقَعَ عَلَيْهِمُ الرِّجْزُ قَالُوا يَا مُوسَى ادْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِنْدَكَ ۖ لَئِنْ كَشَفْتَ عَنَّا الرِّجْزَ لَنُؤْمِنَنَّ لَكَ وَلَنُرْسِلَنَّ مَعَكَ بَنِي إِسْرَائِيلَ
ඔවුන් මත දඬුවම පතිත වූ කල්හි අහෝ මූසා ! ඔබගේ පරමාධිපති ඔබ වෙතින් ප්රතිඥා ගත් අයුරින් ඔබ අප වෙනුවෙන් ඔහුගෙන් ප්රාර්ථනා කරනු මැනව ! මෙම දඬුවම අප වෙතින් ඔබ ඉවත් කර දුන්නේ නම් නියත වශයෙන්ම අපි ඔබ ව විශ්වාස කරන්නෙමු. තවද ඔබ සමඟ ඉස්රාඊල් දරුවන් ව යවන්නෙමු යැයි ඔවුහු පැවසුවෝය.
තෆ්සීර්
මෙම සිදුවීම් තුළින් ඔවුනට දඬුවම අත් වූ කල්හි ඔවුහු මූසා (අලය්හිස් සලාම්) වෙත යොමු වී: “අහෝ මූසා! ඔබට විශේෂයෙන් පිරිනමා ඇති දූතත්වය හා පාපක්ෂමා අයැද සිටීමෙන් මෙම දඬුවම ඉවත් වන බවට ඔබ වෙත ප්රතිඥා දී තිබීම මුල් කර ගනිමින් අපට අත් වී ඇති මෙම දඬුවම අපෙන් ඉවත් කරන මෙන් ඔබ ඔබේ පරමාධිපතිට අප වෙනුවෙන් පාර්ථනා කර සිටිනු. එසේ අපෙන් එය ඉවත් වූයේ නම් සැබැවින්ම අපි ඔබ ව විශ්වාස කරන්නෙමු. ඔබ සමග ඉස්රාඊල් දරුවන් එවන්නෙමු. ඔවුනට නිදහස දෙන්නෙමු” යැයි පවසා සිටියහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න