සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:133
فَأَرْسَلْنَا عَلَيْهِمُ الطُّوفَانَ وَالْجَرَادَ وَالْقُمَّلَ وَالضَّفَادِعَ وَالدَّمَ آيَاتٍ مُفَصَّلَاتٍ فَاسْتَكْبَرُوا وَكَانُوا قَوْمًا مُجْرِمِينَ
එබැවින් අපි ඔවුන් වෙත ගංවතුර, පළඟැටියන්, උකුණන්, ගෙම්බන් හා රුධිරය පැහැදිලි සංඥා වශයෙන් එව්වෙමු. නමුත් ඔවුහු උඩඟුකම් පෑහ. තවද වැරදි කරන පිරිසක් බවට පත් වූහ.
තෆ්සීර්
ඔවුන් බොරු කිරීම හේතුවෙන් හා ඔවුන්ගේ මුරණ්ඩුකම හේතුවෙන් ඔවුනට දඬුවමක් වශයෙන් අපි ඔවුන් වෙත මහා වර්ෂාවක් පහළ කළෙමු. ඔවුන්ගේ ගොයම් හා පලතුරු වගාවන් දියේ ගිලිණ. තවද අපි ඔවුන් වෙත පළගැටියන් එව්වෙමු. උන් ඔවුන්ගේ බෝග වගාවන් කා දැමීය. තවද අපි ඔවුන් වෙත මැක්කන් හා උකුණන් එව්වෙමු. ඒවා ඔවුන්ගේ පැළෑටි විනාශ කර දැමීය. මිනිසාගේ කෙස් තුළට පිවිස ඔවුනට වේදනාව ගෙන දුනි. තවද අපි ඔවුන් වෙත ගෙම්බන් එව්වෙමු. ඔවුන්ගේ බහාලුම් උන්ගෙන් පිරී ගිය අතර උන් ඔවුන්ගේ ආහාර නරක් කර දැමීය. තවද අපි ඔවුන් වෙත රුධිරය එව්වෙමු. ඔවුන්ගේ ළිං හා ඔවුන්ගේ ගංගාවන් ලේ බවට පත් විය. මේ සියලු සංඥාවන් වෙන් වෙන් ව, එකින් පසු එකක් ලෙස අපි එව්වෙමු. ඔවුනට අත් වූ සෑම දඬුවමකින්ම අල්ලාහ් පිළිබඳ විශ්වාසයත් මූසා (අලය්හිස් සලාම්) තුමාණන් ගෙන ආ දෑ තහවුරු වීමත් මෙමගින් සිදු විය. නමුත් ඔවුහු පාපකම් සිදු කරන පිරිසක් වූහ. ව්යාජ දැයින් ඔවුන් ඉවත් වූයේ නැත. සත්යය වෙත මග ලැබුවේ ද නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න