සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:130
وَلَقَدْ أَخَذْنَا آلَ فِرْعَوْنَ بِالسِّنِينَ وَنَقْصٍ مِنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَذَّكَّرُونَ
ඔවුන් මෙනෙහි කරනු හැකි වනු පිණිස නියඟයෙන් හා භවබෝග හිග කිරීමෙන් සැබැවින්ම අපි ෆිර්අවුන්ගේ පිරිස ග්රහණය කළෙමු.
තෆ්සීර්
සැබැවින්ම අපි ෆිර්අවුන්ගේ පැළැන්තිය නියඟයෙන් හා සාගින්නෙන් දඬුවමට ලක් කළෙමු. මහපොළොවේ බවභෝග හා අස්වැනු අඩු කරමින් අපි ඔවුන් පරීක්ෂාවට ලක් කළෙමු. එය, ඔවුනට පැමිණි දඬුවම ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් අත්වූවක් බව ඔවුන් මෙනෙහි කොට, ඉන් උපදෙස් ලබා තමන් කළ වරද වෙනුවෙන් අල්ලාහ්ගෙන් පාප ක්ෂමාව අයැද ඔහු වෙත යොමු වනු පිණිසය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න