සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:129

قَالُوا أُوذِينَا مِنْ قَبْلِ أَنْ تَأْتِيَنَا وَمِنْ بَعْدِ مَا جِئْتَنَا ۚ قَالَ عَسَىٰ رَبُّكُمْ أَنْ يُهْلِكَ عَدُوَّكُمْ وَيَسْتَخْلِفَكُمْ فِي الْأَرْضِ فَيَنْظُرَ كَيْفَ تَعْمَلُونَ

නුඹ අප වෙත පැමිණීමට පෙර ද නුඹ අප වෙත පැමිණීමට පසු ද අපි පීඩාවට පත් කරනු ලැබුවෙමු යැයි ඔවුහු පැවසුවෝය. නුඹලාගේ පරමාධිපති නුඹලාගේ සතුරන් විනාශ කර දමා නුඹලා ව පොළොවේ නියෝජනය කරන්නට සලස්වන්නට පුළුවන. එවිට නුඹලා ක්‍රියා කරනුයේ කෙසේ දැයි ඔහු අවධානයෙන් බලනු ඇතැයි ඔහු පැවසීය.

තෆ්සීර්

ඉස්රාඊල් දරුවන් අතර සිටි මූසාගේ පිරිස මූසා දෙස බලා, ‘අහෝ මූසා! ඔබ අප වෙත පැමිණීමට පෙර ද, ඉන් පසු ව ද ෆිර්අවුන්ගේ අතින් අපගේ පිරිමි දරුවන් ඝාතනයට ලක්වෙමින් හා ගැහැනු දරුවන් රඳවා තබා ගනිමින් අපි පරීක්ෂාවට ලක් වූයෙමු.’ යැයි කීහ.එයට මූසා ඔවුනට උපදෙස් දෙමින් ඉන් මිදීම ගැන ශුභාරංචි දන්වමින්, ‘නුඹලාගේ පරමාධිපති නුඹලාගේ සතුරා වූ ෆිර්අවුන් හා ඔහුගේ පිරිස විනාශ කර දමා ඔවුන්ගෙන් පසු මහපොළොවේ නුඹලාට පහසුකම් සලසනු ඇත. ඉන් පසු ව නුඹලා කෘතවේදී ව කටයුතු කරන්නේද එසේ නැතහොත් ගුණමකු ලෙස කටයුතු කරන්නේ දැයි ඔහු අධීක්ෂණය කරයි.' යනුවෙන් පැවසුවේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න