සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:128
قَالَ مُوسَىٰ لِقَوْمِهِ اسْتَعِينُوا بِاللَّهِ وَاصْبِرُوا ۖ إِنَّ الْأَرْضَ لِلَّهِ يُورِثُهَا مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ ۖ وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ
නුඹලා අල්ලාහ්ගෙන් උදව් පතනු. ඉවසීමෙන් දරා ගනු. නියත වශයෙන්ම පොළොව අල්ලාහ් සතුය. ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අයට එය උරුම කර දෙනු ඇත. තවද අවසානය දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන්හටය යැයි මූසා ඔහුගේ පිරිසට පැවසීය.
තෆ්සීර්
මූසා තම සමූහයාට උපදෙස් දෙමින්, “මාගේ ජනයිනි! නුඹලාගෙන් පීඩාව ඉවත් කිරීමටත්, නුඹලා වෙත ප්රයෝජන ගෙන දෙන්නටත්, නුඹලා අල්ලාහ්ගෙන් උදව් පතනු. නුඹලා කවර පරීක්ෂණයකට මුහුණ දෙන්නේද එහි ඉවසීමෙන් සිටිනු. සැබැවින්ම මහපොළොව අල්ලාහ්ට පමණක් සතු වූවකි. එය ෆිර්අවුන් හෝ එහි පාලනය කරන වෙනත් අයකු සතු වූවක් නොවේ. ඔහු අභිමත කරන අයුරින් ජනතාව අතර එහි පාලනය පිරිනමන්නේය. නමුත් මහපොළොවේ යහපත් අවසානයක් ඇත්තේ තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින්, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් කටයුතු කළ දේව විශ්වාසීන්ටය. ඔවුනට පීඩාවන් හෝ පරීක්ෂාවන් ඇති වුවද එය ඔවුන්ටම සතු වූවකි." යැයි කීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න