සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:127

وَقَالَ الْمَلَأُ مِنْ قَوْمِ فِرْعَوْنَ أَتَذَرُ مُوسَىٰ وَقَوْمَهُ لِيُفْسِدُوا فِي الْأَرْضِ وَيَذَرَكَ وَآلِهَتَكَ ۚ قَالَ سَنُقَتِّلُ أَبْنَاءَهُمْ وَنَسْتَحْيِي نِسَاءَهُمْ وَإِنَّا فَوْقَهُمْ قَاهِرُونَ

තවද මෙම පොළොවේ ඔවුන් කලහකම් කිරීමටත් ඔබ හා ඔබගේ දෙවිවරුන් අතහැර දැමීමටත් මූසා හා මූසාගේ පිරිස ව ඔබ අත හැර දමන්නෙහි දැයි ෆිර්අවුන්ගේ පිරිසගෙන් වූ ප්‍රධානීහු පවසා සිටියහ. (එවිට) ඔවුන්ගේ පිරිමි දරුවන් ඝාතනය කරමු. ඔවුන්ගේ ගැහැනු දරුවන් පණපිටින් අත හැර දමමු. තවද සැබැවින්ම අපි ඔවුනට ඉහළින් බලය යොදවන්නන් වෙමු යැයි ඔහු පැවසීය.

තෆ්සීර්

ෆිර්අවුන්ගේ ජනයා අතර සිටි ප්රධානීන් හා නායකයින් මූසා හා ඔහු සමග වූ දේව විශ්වාස කළවුන් පිළිබඳ උසි ගන්වමින් ෆිර්අවුන්ට මෙසේ පවසා සිටියහ. ‘අහෝ ෆිර්අවුන්! ඔවුන් මහපොළොවේ කලහකම් ව්යාප්ත කිරීමටත්, ඔබ හා ඔබේ දෙවිවරුන් ඔවුන් අතහැර දැමීමටත්, අල්ලාහ්ට පමණක් නමදින මෙන් ඔවුන් ඇරයුම් කිරීමටත්, ඔබ මූසා හා ඔහුගේ පිරිස අතහැර දමන්නෙහිද? එයට ෆිර්අවුන්, 'ඉස්රාඊල් දරුවන්ගේ පිරිමි දරුවන් මම මරා දමමි. ඔවුන්ගේ කාන්තාවන් සේවය සඳහා තබා ගනිමි. සැබැවින්ම අපි බලය, ආධිපත්යය හා පාලනය ඔවුන් මත ක්රියාත්මක කරන්නෝ වෙමු’ යැයි පවසා සිටියේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න