සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:126
وَمَا تَنْقِمُ مِنَّا إِلَّا أَنْ آمَنَّا بِآيَاتِ رَبِّنَا لَمَّا جَاءَتْنَا ۚ رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَتَوَفَّنَا مُسْلِمِينَ
අපගේ පරමාධිපතිගේ සංඥා අප වෙත පැමිණි කල්හි අපි විශ්වාස කළ බැවින් මිස නුඹ අපගෙන් පළිගත්තේ නැත. අපගේ පරමාධිපතියාණනි ! අප වෙත ඉවසීම හෙළනු මැනව ! තවද (නුඹට අවනත වන) මුස්ලිම්වරුන් බවට අප මරණයට පත් කරනු මැනව ! (යැයි පැවසූහ.)
තෆ්සීර්
ඔබ අප පිළිකුල් කරනුයේ එමෙන්ම අපට එරෙහි ව කටයුතු කරනුයේ මූසාගේ දෑතින් අපගේ පරමාධිපතිගේ වදන් අප වෙත පැමිණි කල්හි, ඒවා අප තහවුරු කර සිටීම හේතුවෙන් මිස වෙනෙකක් හේතුවෙන් නොවීය. එහෙයින්, එය දොස් කියනු ලබන පාපයක් වී නම් එය අපගේ පාපයක් වන්නේමය. පසු ව අල්ලාහ් වෙත ඔවුන් ප්රාර්ථනා කරමින් ඉතා බැගෑපත් ව මෙසේ පවසා සිටියෝය. ‘අපගේ පරමාධිපතියාණනි! සත්යය මත අප ස්ථාවර ව සිටිනු පිණිස අපව පාලනය කරන තෙක් අප මත ඉවසීම හෙළනු මැනව! ඔබට අවනත වන මුස්ලිම්වරුන් ලෙසත් ඔබේ නියෝග පිළිපදින්නන් ලෙසත් ඔබේ දූතයාණන් අනුගමනය කරන්නන් ලෙසත් අප මරණයට පත් කරනු මැනව!'
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න