සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:131

فَإِذَا جَاءَتْهُمُ الْحَسَنَةُ قَالُوا لَنَا هَٰذِهِ ۖ وَإِنْ تُصِبْهُمْ سَيِّئَةٌ يَطَّيَّرُوا بِمُوسَىٰ وَمَنْ مَعَهُ ۗ أَلَا إِنَّمَا طَائِرُهُمْ عِنْدَ اللَّهِ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

ඔවුනට යහපත පැමිණි විට මෙය අප වෙනුවෙන් යැයි ඔවුහු පවසති. ඔවුනට යම් නපුරක් ඇති වන්නේ නම් මූසා හා ඔහු සමඟ වූවන්ගෙන් ඇති වූ අසුබ නිමිත්තක් යැයි සිතති. දැන ගනු. ඔවුන්ගේ අසුබ නිමිති අල්ලාහ් වෙතය. එනමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නොදනිති.

තෆ්සීර්

ෆිර්අවුන්ගේ පිරිසට සාරවත් අස්වනු, සාරවත් පලතුරු හා වාසිදායක මිලක් පැමිණි විට ඔවුහු, ‘අපි එයට සුදුසුකම් ලද්දන් බැවින් හා එය ලබන්නට අප විශේෂිතයින් බැවින් එය අපට පිරිනමන ලදී යැයි පවසති. ඔවුනට යම් නියඟයක්, සාගින්නක් අධික ලෙඩ රෝග හා වෙනත් විපාක අත් වූ විට හෝ වැලඳුණු විට එය මූසා හා ඔහු සමග සිටි ඉස්රාඊල් දරුවන්ගේ අභාග්යවන්තකම නිසාවෙන්' යැයි පවසති. ඔවුනට අත් වූ ඒ සියල්ල අල්ලාහ්ගේ නියමය පරිදි සිදුවූවකි. මූසා (අලය්හිස් සලාම්) තුමා ඔවුන් වෙනුවෙන් ප්රාර්ථනා කර සිටීම හැර ඔවුනට හෝ මූසාට හෝ එහි කිසිදු අයිතියක් නැත. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් ඒ ගැන වටහා ගන්නේ නැත. අල්ලාහ් නොවන දෑ වෙත ඔවුහු එය සම්බන්ධ කරති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න