සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:13

قَالَ فَاهْبِطْ مِنْهَا فَمَا يَكُونُ لَكَ أَنْ تَتَكَبَّرَ فِيهَا فَاخْرُجْ إِنَّكَ مِنَ الصَّاغِرِينَ

එසේ නම් නුඹ මෙයින් පහළට බසිනු. මෙහි උඩඟුකම් පෑම නුඹට නොවීය. එබැවින් නුඹ පිට ව යනු. නියත වශයෙන්ම නුඹ පහත් අය අතුරිනි යැයි ඔහු පැවසුවේය.

තෆ්සීර්

අල්ලාහ් ඔහුට මෙසේ පැවසීය. "ඔබ ස්වර්ගයෙන් පහළට බසිනු. මෙහි උඩගුකම් පාන්නට ඔබට කිසිදු අයිතියක් නැත. හේතුව මෙය දැහැමියන් හා පවිත්රයින්ගේ නිවහනයි. එහෙයින් ඉබ්ලීස්, සැබැවින්ම ඔබ ඔබේ ආත්මය ආදම්ට වඩා විශිෂ්ඨ බව දුටුවද ඔබට වඩාත් සුදුසු වන්නේ පහත්වූ නීචයින් අතරට පත්වීමය."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න