සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:12
قَالَ مَا مَنَعَكَ أَلَّا تَسْجُدَ إِذْ أَمَرْتُكَ ۖ قَالَ أَنَا خَيْرٌ مِنْهُ خَلَقْتَنِي مِنْ نَارٍ وَخَلَقْتَهُ مِنْ طِينٍ
මා නුඹට නියෝග කළ අවස්ථාවෙහි නුඹ සිරස නොනැමීමට නුඹ ව වැළැක් වූයේ කුමක් ද? යැයි (අල්ලාහ්) පැවසුවේය. (එවිට) මම ඔහුට වඩා ශ්රේෂ්ඨය. නුඹ මා මවා ඇත්තේ ගින්නෙනි. නුඹ ඔහු මවා ඇත්තේ මැටියෙනි යැයි ඔහු පැවසීය.
තෆ්සීර්
අල්ලාහ් ඉබ්ලීස්ට තරවටු කරමින් "ආදම්ට සුජූද් කරන මෙන් ඔබට මා කළ නියෝග පිළිපැදීමෙන් ඔබව වැළැක්වූයේ කුමක් දැ?"යි විමසා සිටියේය. ඉබ්ලීස් තම පරමාධිපතිට පිළිතුරු දෙමින්, "සැබැවින්ම මම ඔහුට වඩා ශ්රේෂ්ඨය. ඔබ මා මවා ඇත්තේ ගින්නෙනි. ඔබ ඔහුව මවා ඇත්තේ මැටියෙනි. මැටියට වඩා ගින්න ශ්රේෂ්ඨය. මා වළකාලීයේ එයයි" ඔහු පැවසුවේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න