සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:11
وَلَقَدْ خَلَقْنَاكُمْ ثُمَّ صَوَّرْنَاكُمْ ثُمَّ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ لَمْ يَكُنْ مِنَ السَّاجِدِينَ
තවද සැබැවින්ම අපි නුඹලා ව මවා පසු ව නුඹලා ව හැඩ ගැන්වූයෙමු. පසුව නුඹලා සුජූද් (සිරස බිම තබා ආචාර) කරනු යැයි මලක්වරුන්ට පැවසුවෙමු. එවිට ඉබ්ලීස් හැර ඔවුහු සුජූද් කළෝය. ඔහු සිරස නමන්නන් අතුරින් නොවීය.
තෆ්සීර්
අහෝ ජනයිනි! සැබැවින්ම ඔබේ පියා ආදම්ව අපි බිහි කළෙමු. පසුව ඔහුව අලංකාර හැඩයකින් හැඩගැස්සුවෙමු. එමෙන්ම අලංකාර ලෙස අපි ශක්තිමත් කළෙමු. පසුව ඔහුට ගරු කිරීමක් වශයෙන් හිස පහත් කරන්නැයි අපි මලක්වරුන්ට නියෝග කළෙමු. ඔවුහු එය පිළිපැද හිස පහත් කළෝය. නමුත් ෂෙයිතාන් උඩුඟු කම හා මුරණ්ඩුකම හේතුවෙන් තම හිස පහත් කිරීමට ප්රතික්ෂේප කළේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න