සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:123
قَالَ فِرْعَوْنُ آمَنْتُمْ بِهِ قَبْلَ أَنْ آذَنَ لَكُمْ ۖ إِنَّ هَٰذَا لَمَكْرٌ مَكَرْتُمُوهُ فِي الْمَدِينَةِ لِتُخْرِجُوا مِنْهَا أَهْلَهَا ۖ فَسَوْفَ تَعْلَمُونَ
‘මා නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු ව විශ්වාස කළෙහුය. නියත වශයෙන්ම මෙය නුඹලා නගරයේ සිටිය දී එහි වැසියන් එයින් නුඹලා බැහැර කරනු වස් කුමන්ත්රණය කළ කුමන්ත්රණයකි. එහෙයින් නුඹලා (මෙහි විපාකය) මතු දැන ගනු ඇතැ’යි ෆිර්අවුන් කීයය.
තෆ්සීර්
අල්ලාහ් ව පමණක් ඔවුන් විශ්වාස කිරීමෙන් පසු ෆිර්අවුන් ඔවුනට තරවටු කරමින්, “මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා මූසා සත්ය බව පිළිගත්තෙහුය. සැබැවින්ම නුඹලා ඔහු ව විශ්වාස කිරීමත්, මූසා ගෙන ආ දෑ නුඹලා තහවුරු කිරීමත්, නගර වැසියන් ඉන් බැහැර කිරීම සඳහා නුඹලා හා මූසා සැලසුම් කළ කුමන්ත්රණයක් හා වංචාවකි. අහෝ හූනියම් කරුවනි! සැබැවින්ම නුඹලාට සිදු වන්නට යන දඬුවම හා නුඹලාට අත්වන්නට යන විපාකය පිළිබඳ නුඹලා මතු දැන ගනු ඇත." යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න