සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:116
قَالَ أَلْقُوا ۖ فَلَمَّا أَلْقَوْا سَحَرُوا أَعْيُنَ النَّاسِ وَاسْتَرْهَبُوهُمْ وَجَاءُوا بِسِحْرٍ عَظِيمٍ
නුඹලා දමනු යැයි ඔහු පැවසුවේය. ඔවුහු එය දැමූ කල්හි ජනයාගේ ඇස් බැන්දුම් කොට ඔවුන් ව බිය වැද්දූහ. තවද ඔවුහු මහත් හූනියම් (විජ්ජාවක්) ගෙන ආහ.
තෆ්සීර්
ඔවුන් පිළිබඳ උදාසීන නොවී තම පරමාධිපතිගේ ජයග්රහණය තමන්ට ස්ථිර බව විශ්වාස කරමින්, මූසා ඔවුනට, “නුඹලාගේ ලණු හා නුඹලාගේ සැරයටි විසි කරනු” යැයි පැවසුවේය. ඔවුන් ඒවා විසි කළ විට ඒවායෙහි නිවැරදි ස්වභාවය නොලබා වෙනස් ස්වරූපයකට වෙනස් කිරීම තුළින් ජනයාගේ ඇස් ඔවුහු බන්ධනය කළෝය. ඔවුන්ව බිය ගැන්වූවෝය. නරඹන්නන්ගේ ඇස් තුළට බලවත් මායාවක් ඔවුහු ගෙන ආවෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න