සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:115
قَالُوا يَا مُوسَىٰ إِمَّا أَنْ تُلْقِيَ وَإِمَّا أَنْ نَكُونَ نَحْنُ الْمُلْقِينَ
අහෝ මූසා ! (විජ්ජාවන්) නුඹ දමන්නෙහි ද නැතිනම් අපිම දමන්නන් වන්නෙමු දැයි ඇසුවෝය.
තෆ්සීර්
මූසාට එරෙහි ව තමන්ගේ ජය නියත බව හංවඩු ගසමින් ආඩම්බරයෙන් හා අහංකාරයෙන් එම හූනියම්කරුවෝ, “අහෝ මූසා! ඔබේ කැමැත්ත පරිදි ඔබ එය ආරම්භයේම හෙළීම හෝ අප එය ප්රථමයෙන් හෙළීම ඔබට තෝරා ගත හැක” යැයි පැවසූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න