සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:109
قَالَ الْمَلَأُ مِنْ قَوْمِ فِرْعَوْنَ إِنَّ هَٰذَا لَسَاحِرٌ عَلِيمٌ
ෆිර්අවුන්ගේ පිරිස අතුරින් වූ ප්රධානීහු ‘නියත වශයෙන්ම මොහු ඥානාන්විත හූනියම් කරුවෙකි’ යැයි පවසා සිටියෝය.
තෆ්සීර්
මූසාගේ සැරයටිය සර්පයකු බවට වෙනස්වීම හා ඔහුගේ අත, චර්මයට හානියක් නොවී සුදුවන් ලෙස පත් වීම දුටු නායකයින් හා ප්රධානීන් “මූසා හූනියම පිළිබඳ මනා දැනුමක් ඇති හූනියම්කරුවකු මිස නැත” යැයි පවසා සිටියෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න