සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:103
ثُمَّ بَعَثْنَا مِنْ بَعْدِهِمْ مُوسَىٰ بِآيَاتِنَا إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَظَلَمُوا بِهَا ۖ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ
ඔවුන්ගෙන් පසු ව අපි මූසා ව අපගේ සංඥා සමඟ ෆිර්අවුන් හා ඔහුගේ ප්රධානීන් වෙත එව්වෙමු. එවිට ඔවුහු ඒවාට අපරාධ කළෝය. එබැවින් කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු.
තෆ්සීර්
එම රසූල්වරුන්ගෙන් පසු ව, අපි මූසා (අලය්හිස් සලාම්) තුමා ව ඔහුගේ සත්යයතාව තහවුරු කරනු වස් පැහැදිලි සාධක හා සංඥා සමග ෆිර්අවුන් හා ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. ඔවුන්ද එම සංඥාවන් ප්රතික්ෂේප කොට ඒවාට පිටුපෑවෝය. අහෝ දූතය! එහෙයින් ෆිර්අවුන්ගේ හා ඔහුගේ ජනයාගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු. අල්ලාහ් ඔවුන් ජලයේ ගිල්වා විනාශ කර දැමීය. මෙලොව මෙන්ම මතු ලොව ද එම ශාපය ඔවුන් පසුපස හඹා එන්නේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න