සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:101
تِلْكَ الْقُرَىٰ نَقُصُّ عَلَيْكَ مِنْ أَنْبَائِهَا ۚ وَلَقَدْ جَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَمَا كَانُوا لِيُؤْمِنُوا بِمَا كَذَّبُوا مِنْ قَبْلُ ۚ كَذَٰلِكَ يَطْبَعُ اللَّهُ عَلَىٰ قُلُوبِ الْكَافِرِينَ
මෙම ගම්මානයන් පිළිබඳ ව, එහි පුවත් අපි නුඹට දන්වමු. සැබැවින්ම ඔවුන්ගේ දූතවරු පැහැදිලි සාධක සමඟ ඔවුන් වෙත පැමිණියහ. නමුත් මීට පෙර බොරු කළ දෑ ඔවුන් විශ්වාස කරන්නන් නොවූහ. දේව ප්රතික්ෂේපකයින්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තබනුයේ මෙලෙසය.
තෆ්සීර්
අහෝ දූතය! නූහ්, හූද්, සාලිහ්, ලූත් හා ෂුඅය්බ්ගේ සමූහයන් විසූ එම ගම්මාන පිළිබඳ තොරතුරු අපි ඔබට කියවා පෙන්වමු. එහි ඔවුන් බොරුකරමින් සිටි ඔවුන්ගේ මුරණ්ඩුකම ගැනත් ඔවුනට අත් වූ විනාශය ගැනත් අපි ඔබට දන්වා සිටිමු. එය පාඩම් ලබන්නන්හට පාඩමක් වනු පිණිස හා උපදෙස් ලබන්නන්හට උපදෙසක් වනු පිණිසය. තම සත්යතාව තහවුරු කරමින්, පැහැදිළි සාධක සමග එම ගම්මාන වැසියන් වෙත ඔවුන්ගේ දූතවරුන් පැමිණියහ. සැබැවින්ම ඔවුන් ඔහුව බොරු කරනු ඇතැයි අල්ලාහ් කල් ඇතිව දැන සිටි පරිදි, එම රසූල්වරුන් පැමිණි අවස්ථාවේ ඔවුන් විශ්වාස කරන්නට නොවූහ. තම රසූල්වරුන් බොරු කළ එම ගම් වැසියන්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තැබුවාක් මෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ප්රතික්ෂේප කළවුන්ගේ හදවත් මත ද අල්ලාහ් මුද්රා තබනු ඇත. එවිට ඔවුන් දේව විශ්වාස වෙත මග පෙන්වනු නොලබනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න