සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:100
أَوَلَمْ يَهْدِ لِلَّذِينَ يَرِثُونَ الْأَرْضَ مِنْ بَعْدِ أَهْلِهَا أَنْ لَوْ نَشَاءُ أَصَبْنَاهُمْ بِذُنُوبِهِمْ ۚ وَنَطْبَعُ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَسْمَعُونَ
එහි වාසීන්ට පසු ව ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අපි අභිමත කළේ නම් ඔවුනට දඬුවම් කිරීම ගැන ද ඔවුන්ගේ හදවත් මත මුද්රා තැබීම ගැන ද මහපොළොවේ උරුමකම් පාන්නන්හට නොවැටහේ ද? එහෙයින් ඔවුහු සවන් නොදෙති.
තෆ්සීර්
පෙර සිටි සමූහයන් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් විනාශ කරනු ලැබුවායින් අනතුරුව මහපොළොවේ පසුව (පැමිණි) උරුමකරුවන්ට එය පැහැදිලි කරනු නොලැබුවේද? ඔවුනට අත් වූ දෑ පිළිබඳ ඔවුහු නොසැලකිලිමත් ව තමන්ගේ ක්රියාවන් සිදු කරමින් ආහ. අල්ලාහ් තමා අභිමත කරන අයට ඔවුන්ගේ පාපකම් හේතුවෙන් දඬුවම් පමුණුවන බවත්, ඔහුගේ එම න්යායයට අනුව ඔවුනට එම දඬුවම ලැබිය හැකි බවත් ඔවුනට පැහැදිලි කරනු නොලැබුවේද? ඔවුන්ගේ හදවත් මත මුද්රා වැටී ඇත. උපදේසකින් ඔවුන් උපදෙස් නොලබනවාක් මෙන්ම කිසිදු මෙනෙහි කිරීමක් ඔවුනට ප්රයෝජනවත් නොවනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න