සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:99
أَفَأَمِنُوا مَكْرَ اللَّهِ ۚ فَلَا يَأْمَنُ مَكْرَ اللَّهِ إِلَّا الْقَوْمُ الْخَاسِرُونَ
අල්ලාහ්ගේ උපාය මාර්ගයට ඔවුහු අභයදායී ව සිටින්නෝ ද? අලාභවන්ත පිරිස මිස අල්ලාහ්ගේ උපාය මාර්ගයට වෙනත් කිසිවකු අභයදායී ව නොසිටියි.
තෆ්සීර්
ඔවුනට කල් දී, ඔවුන්ගේ උද්දාමය සඳහා බලය හා විස්තීරණ පෝෂණය පිරි නමා, අල්ලාහ් ඔවුනට කළ ආශිර්වාදය දෙස සාවධානයෙන් බලනු. මෙම ප්රදේශ වාසීන් අතර බොරු කළවුන් අල්ලාහ්ගේ රහසිගත උපායයන් හා සැලසුම් පිළිබඳ අභයාදායී වන්නේද? එසේ අල්ලාහ්ගේ උපායයන්ගෙන් විනාශ වී ගිය ජනයා හැර වෙනත් කිසිවකු අභයදායී නොවූහ. ආශිර්වාද ලත් අය වනාහි, සැබැවින්ම ඔවුහු අල්ලාහ්ගේ උපායයන් පිළිබඳ බියෙන් පසු වූහ. ඔවුන් වෙත කවර ආශිර්වාදයක් පිරිනමනු ලැබුවේද ඒ මත රැවටුණේ නැත. ඔවුන් වෙත පිරිනැමූ දෑ ආශිර්වාදයක් ලෙස සලකා ඔවුහු ඔහුට කෘතඥ වූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න