සූරා 65 · ජුස් 28
At-Talaq · 65:8
وَكَأَيِّنْ مِنْ قَرْيَةٍ عَتَتْ عَنْ أَمْرِ رَبِّهَا وَرُسُلِهِ فَحَاسَبْنَاهَا حِسَابًا شَدِيدًا وَعَذَّبْنَاهَا عَذَابًا نُكْرًا
තම පරමාධිපතිගේ නියෝගයට හා ඔහුගේ දූතයාණන්ට පිටුපෑ ගම්මාන කොපමණක් වී ද? එවිට අපි දැඩි විනිශ්චයකින් එය විනිශ්චය කළෙමු. තවද දරුණු දඬුවමකින් අපි එයට දඬුවම් කළෙමු.
තෆ්සීර්
ගම්මාන කොපමණක් වී ද!! එහි වැසියන් ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝග හා ඒ වෙත එවන ලද දූතවරුන්ගේ නියෝගවලට පිටුපාන කල්හි ඔවුන්ගේ එම නපුරු ක්රියාවන් සඳහා දැඩි විනිශ්චයකින් අපි විනිශ්චය කළෙමු. මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි ද බරපතළ දඬුවමකින් අපි ඔවුනට දඬුවම් කළෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න