සූරා 65 · ජුස් 28

At-Talaq · 65:7

لِيُنْفِقْ ذُو سَعَةٍ مِنْ سَعَتِهِ ۖ وَمَنْ قُدِرَ عَلَيْهِ رِزْقُهُ فَلْيُنْفِقْ مِمَّا آتَاهُ اللَّهُ ۚ لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا مَا آتَاهَا ۚ سَيَجْعَلُ اللَّهُ بَعْدَ عُسْرٍ يُسْرًا

වත්කම් ඇත්තෝ තම වත්කම අනුව වියදම් කරත්වා! තවද කවුරුන් වෙත තම පෝෂණ සම්පත් සීමා කරනු ලැබුවේ ද එවිට අල්ලාහ් ඔහුට කවර දෙයක් පිරිනමා ඇත්තේ ද එයින් ඔහු වියදම් කරත්වා! දුෂ්කරත්වයෙන් පසු ව අල්ලාහ් පහසු ව ඇති කරනු ඇත.

තෆ්සීර්

කවරෙකු ධනවත් වන්නේ ද ඔහු ඔහුගේ දික්කසාද කළ කාන්තාවට හා ඔහුගේ දරුවාට ඔහුගේ වත්කම් අනුව වියදම් කළ යුතුය. කවරෙකුට ඔහුගේ පෝෂණ සම්පත් සීමා කරනු ලැබ ඇත්තේ ද ඔහු අල්ලාහ් ඔහුට පිරිනැමූ දැයින් වියදම් කළ යුතුය. අල්ලාහ් යම් ආත්මයකට පිරිනමා ඇති දෑට වඩා යමක් දරන්නට පනවන්නේ නැත. එහෙයින් ඊට වඩා වැඩියෙන් හෝ ඔහුගේ හැකියාවට වඩා වැඩියෙන් ඇය වෙනුවෙන් දැරිය යුතු නැත. ඔහුගේ ඒ පීඩින තත්ත්වය හා එහි දුෂ්කරතාව පහව ගිය පසුව පහසුකම හා පොහොසත්කම අල්ලාහ් ඇති කරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න