සූරා 65 · ජුස් 28
At-Talaq · 65:6
أَسْكِنُوهُنَّ مِنْ حَيْثُ سَكَنْتُمْ مِنْ وُجْدِكُمْ وَلَا تُضَارُّوهُنَّ لِتُضَيِّقُوا عَلَيْهِنَّ ۚ وَإِنْ كُنَّ أُولَاتِ حَمْلٍ فَأَنْفِقُوا عَلَيْهِنَّ حَتَّىٰ يَضَعْنَ حَمْلَهُنَّ ۚ فَإِنْ أَرْضَعْنَ لَكُمْ فَآتُوهُنَّ أُجُورَهُنَّ ۖ وَأْتَمِرُوا بَيْنَكُمْ بِمَعْرُوفٍ ۖ وَإِنْ تَعَاسَرْتُمْ فَسَتُرْضِعُ لَهُ أُخْرَىٰ
නුඹලාගේ (ආර්ථික) පැවැත්ම අනුව නුඹලා වාසය කළ අයුරින්ම ඔවුන් ව ද නුඹලා වාසය කරවනු. තවද නුඹලා ඔවුන් කෙරෙහි පීඩනය ඇති කරනු පිණිස නුඹලා ඔවුනට හිංසා නොකරනු. ඔවුන් ගර්භිණී මව්වරුන් ලෙස සිටියේ නම් ඔවුන්ගේ ගැබ් බහාලන තෙක් ඔවුන් කෙරෙහි නුඹලා වියදම් කරනු. නුඹලා(ගේ දරුවන්) වෙනුවෙන් ඔවුන් කිරි පොවන්නේ නම් එවිට ඔවුන්ගේ කුලී නුඹලා ඔවුනට පිරිනමනු. නුඹලා අතර (එය) යහපත් අයුරින් කළමනා කරණය කරනු. නුඹලා අපහසු තත්ත්වයකට පත් වූයෙහු නම් ඔහු (පියා) වෙනුවෙන් කිරි පෙවීම සඳහා වෙනත් එකියෙකු සෙවිය යුතුය.
තෆ්සීර්
අහෝ ස්වාමි පුර්ෂයිනි! නුඹලා පහසුකම් සහිත ව වාසය කරනවාක් මෙන්ම ඔවුනට ද වාසය කිරීස සඳහා පහසුකම් සලසා දෙනු. අල්ලාහ් වෙනත් දෙයක් නුඹලා මත පවරා නැත. ඔවුනට කරන වියදම් වලදී හෝ නවාතැන් වලදී හෝ ඒ හැර වෙනත් කටයුතු වලදී ඔවුනට පීඩනයක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් ඒවායෙහි හිංසාවන් ප්රවේශ නොකරනු. දික්කසාද කරනු ලැබූ කාන්තාවන් ගර්භණී කාන්තාවන් නම් ඔවුන් දරුවන් ප්රසූත කරන තෙක් ඔවුනට වියහියදම් ලබා දෙනු. නුඹලා වෙනුවෙන් නුඹලාගේ දරුවන් සඳහා ඔවුන් කිරි පොවන්නේ නම් ඔවුන් කිරි පෙවීමේ කුලිය ඔවුනට නුඹලා පිරිනමනු. කුලිය සම්බන්ධයෙන් යහපත් අයුරින් ඔවුන් එකිනෙකා කළමනා කර ගත යුතු වේ. බිරිය අපේක්ෂා කරන කුලියක් දීමට සැමියා මසුරු වූයේ නම් ඇයට කැළලක් ඇති වූයේ නම් අපේක්ෂා කරන දෑ හැර වෙනෙකක් පිළිනොගන්නී නම් ඔහුගේ දරුවාට කිරි දීම සඳහා කිරි දෙන වෙනත් කාන්තාවක් පියා කුලියට ගත යුතු වේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න