සූරා 65 · ජුස් 28

At-Talaq · 65:5

ذَٰلِكَ أَمْرُ اللَّهِ أَنْزَلَهُ إِلَيْكُمْ ۚ وَمَنْ يَتَّقِ اللَّهَ يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُعْظِمْ لَهُ أَجْرًا

එය අල්ලාහ්ගේ නියෝගයයි. ඔහු එය නුඹලා වෙත පහළ කළේය. තවද කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වන්නේ ද ඔහු ඔහුගේ පාපයන් ඔහුගෙන් ඉවත් කරයි. තවද ඔහුට කුලිය මහත් සේ පිරිනමයි.

තෆ්සීර්

සඳහන් කරන ලද තලාක් - දික්කසාදය, රජ්ආ - ආපසු ගෙන්වා ගැනීම, ඉද්දා -පොරොත්තු කාලය යනාදී නීති රීති වනාහි, අහෝ දෙවියන් විශ්වාස කරන්න්නනි! නුඹලා දැන ගනු පිණිස නුඹලා වෙත පහළ කළ අල්ලාහ්ගේ නීති වන්නේය. කවරෙකු අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී, ඔහු ගැන බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නේ ද ඔහු සිදු කළ ඔහුගේ පාපකම් ඔහුගෙන් ඔහු මකා දමනු ඇත. මතුලොවෙහි අතිමහත් කුසල් ඔහුට පිරිනමනු ඇත. එය ඔහුව ස්වර්ගයට ඇතුළු කිරීමෙන් හා අවසන් නොවන සුව පහසුකම් ලැබෙන්නට සළස්වමිනි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න