සූරා 65 · ජුස් 28
At-Talaq · 65:4
وَاللَّائِي يَئِسْنَ مِنَ الْمَحِيضِ مِنْ نِسَائِكُمْ إِنِ ارْتَبْتُمْ فَعِدَّتُهُنَّ ثَلَاثَةُ أَشْهُرٍ وَاللَّائِي لَمْ يَحِضْنَ ۚ وَأُولَاتُ الْأَحْمَالِ أَجَلُهُنَّ أَنْ يَضَعْنَ حَمْلَهُنَّ ۚ وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مِنْ أَمْرِهِ يُسْرًا
නුඹලාගේ බිරියන්ගෙන් ඔසප් වීමේ තත්ත්වය ගැන (බලාපොරොත්තු) සුන් කර ගත්තවුන් වනාහි නුඹලා ඔවුන් ගැන සැක කළෙහු නම් ඔවුන්ගේ ඉද්දා කාලය මාස තුනකි. ඔසප් තත්ත්වයට පත් නොවූ කාන්තාවන්ට ද (එලෙසමය.) ගර්භිණී මාතාවන් වනාහි ඔවුන්ගේ (ඉද්දා) කාල සීමාව ඔවුන්ගේ ගැබිනි තත්ත්වය බහා ලීමයි. තවද කවරෙකු අල්ලාහ්ට බිය වන්නේ ද ඔහුගේ කාර්යය ඔහුට ඔහු පහසු කර දෙනු ඇත.
තෆ්සීර්
දික්කසාද කරන ලද කාන්තාවන් ඔවුන් වයස්ගත හේතුවෙන් ඔසප් තත්ත්වයට පත්වීම ගැන බලාපොරොතු සුන් වී ඇත්නම් ඔවුන්ගේ ඉද්දා කාලයේ ගණනය කරනු ලබනුයේ කෙසේදැයි නුඹලා සැක කරන්නෙහු නම්, එවිට ඔවුන්ගේ ඉද්දා කාලය වනුයේ මාස තුනකි. එම කාන්තාවන් ඔවුන්ගේ කුඩා අවදිය හේතුවෙන් තවමත් ඔසප් තත්ත්වයට පත් නොවූ කාන්තාවන් නම් ඔවුන්ගේ ද ඉද්දා කාලය මාස තුනකි. දික්කසදාය හෝ මිය යෑම හේතුවෙන් ගැබිණි මාතාවන්ගේ දික්කසාද කාලය ඔවුන්ගේ දරුවා ප්රසූත කිරීමත් සමග අවසන් වෙයි. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් කවරෙකු අල්ලාහ්ට බැතිමත්ව කටයුතු කරන්නේ ද ඔහුගේ කටයුතු අල්ලාහ් ඔහුට පහසු කරනු ඇත. සියලු දුෂ්කරතා ඔහුට සැහැල්ලු කරනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න