සූරා 65 · ජුස් 28
At-Talaq · 65:3
وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ ۚ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ ۚ إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ ۚ قَدْ جَعَلَ اللَّهُ لِكُلِّ شَيْءٍ قَدْرًا
තවද ඔහු නොසිතූ අයුරින් ඔහු(අල්ලාහ්) ඔහුට පෝෂණය කරයි. තවද කවරෙකු අල්ලාහ් වෙත (සියල්ල) භාර කරන්නේ ද එවිට ඔහු ඔහුට ප්රමාණවත්ය. නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ කාර්යය සිදු කරන්නාය. සෑම දෙයකටම නියමිත ප්රමාණයක් අල්ලාහ් ඇති කළේය.
තෆ්සීර්
ඔහු නොසිතූ පරිදි ඔහුගේ ගිණුමෙහි නොමැති පෝෂණ සම්පත් ඔහු ඔහුට ලබා දෙනු ඇත. කවරෙකු තම කටයුතුවලදී අල්ලාහ් මත පමණක් රැඳෙන්නේ ද ඔහු ඔහුට ප්රමාණවත් වෙයි. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ කටයුතු ක්රියාත්මක කරන්නාය. ඔහුට කිසිවක් නොහැකිකමක් නැත. ඔහුට කිසිවක් මඟ හැරෙන්නේ ද නැත. සැබැවින්ම අල්ලාහ් සෑම දෙයකටම එය අවසන්වන ප්රමාණයක් නිර්ණය කර ඇත්තේය. දුෂ්කරතාවට ප්රමාණයක් ඇත. සමෘද්ධියටත් ප්රමාණයක් ඇත. මිනිසා වෙත ඒ දෙකින් එකක් හෝ දිගටම පවතින්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න