සූරා 65 · ජුස් 28

At-Talaq · 65:2

فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ فَارِقُوهُنَّ بِمَعْرُوفٍ وَأَشْهِدُوا ذَوَيْ عَدْلٍ مِنْكُمْ وَأَقِيمُوا الشَّهَادَةَ لِلَّهِ ۚ ذَٰلِكُمْ يُوعَظُ بِهِ مَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا

එවිට (දික්කසාදයට පත්) ඔවුන්ගේ නියමිත (ඉද්දා) කාල සීමාවට ඔවුන් ළඟා වූ විට නුඹලා යහපත් අයුරින් ඔවුන් රඳවා ගනු. එසේ නැතහොත් නුඹලා යහපත් අයුරින් ඔවුන්ගෙන් වෙන් වනු. තවද නුඹලා අතුරින් යුක්තිගරුක දෙදෙනෙකු සාක්ෂියට පත් කරනු. අල්ලාහ් වෙනුවෙන් එම සාක්ෂිය නුඹලා ඉටු කරනු. අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරමින් සිටින්නාට උපදෙස් දෙනු ලබනුයේ එයයි. තවද කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වන්නේ ද ඔහු ඔහුට (ගැටලු වලින් වැළකී ඉන්) බැහැර වීමේ මගක් ඇති කරයි.

තෆ්සීර්

ඔවුන්ගේ ඉද්දා කාලය අවසන් වීමට ළඟා වූ විට කැමැත්තෙන් හා යහපත් පවුල් සම්බන්ධතාවකින් යුතුව නුඹලා ඔවුන් නැවත කැඳවා ගනු. එසේ නැතහොත් ඔවුන්ගේ ඉද්දා කාලය අවසන් වන විට ඔවුන් ගෙන්වා ගැනීම අතහැර දමනු. ඔවුනට ඔවුන් සතු ඔවුන්ගේ දීමනා පිරි නමනවාත් සමගම ඔවුන්ගේ වගකීම ඔවුනටම සතු වන්නේය. නුඹලා ඔවුන් නැවත කැඳවා ගන්නට සිතුව ද එසේ නැතහොත් ඔවුන් වෙන් කරන්නට සිතුව ද, ආරවුල් විසදිය හැකි වනු පිණිස නුඹලා අතරින් යුක්ති ගරුක දෙදෙනෙකු සාක්ෂි වශයෙන් පත් කර ගනු. අහෝ සාක්ෂිකරුවනි! අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරන්නන් ලෙස එම සාක්ෂි සඳහා පෙනී සිටිනු. සඳහන් කරන ලද මෙම නීතිරීති අල්ලාහ්ව විශ්වාස කරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන විශ්වාස කරන ජනයාට මෙනෙහි කරනු ලැබ ඇත. ඊට හේතුව මෙම උපදෙස් හා මෙනෙහි කිරීම් තුළින් ප්රයෝජන ලබනුයේ එවැන්නෙකු වන බැවිනි. කවරෙකු අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කරන්නේ ද සිදු වී ඇති සියලුම ආකාරයේ අපහසුතාවන් හා පීඩාවන්ගෙන් පිටවුමක් අල්ලාහ් ඔහුට ඇති කරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න