සූරා 65 · ජුස් 28

At-Talaq · 65:1

يَا أَيُّهَا النَّبِيُّ إِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَأَحْصُوا الْعِدَّةَ ۖ وَاتَّقُوا اللَّهَ رَبَّكُمْ ۖ لَا تُخْرِجُوهُنَّ مِنْ بُيُوتِهِنَّ وَلَا يَخْرُجْنَ إِلَّا أَنْ يَأْتِينَ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ ۚ وَتِلْكَ حُدُودُ اللَّهِ ۚ وَمَنْ يَتَعَدَّ حُدُودَ اللَّهِ فَقَدْ ظَلَمَ نَفْسَهُ ۚ لَا تَدْرِي لَعَلَّ اللَّهَ يُحْدِثُ بَعْدَ ذَٰلِكَ أَمْرًا

අහෝ නබිවරය! නුඹලා බිරියන් දික්කසාද කරන විට ඔවුන්ගේ ඉද්දා ව (පොරොත්තු කාලය) ගණන් කිරීමට පහසු වන අයුරින් නුඹලා ඔවුන් දික්කසාද කරනු. තවද ඉද්දා කාලය ගණනය කරනු. තවද නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ට බිය බැතිමත් වනු. පැහැදිලි දුරාචාරයක් සමග ඔවුන් පැමිණියා නම් මිස ඔවුන්ගේ නිවෙස් වලින් නුඹලා ඔවුන් පිටුවහල් නොකරනු. එමෙන්ම ඔවුන් ද පිටවිය නොයුතුය. තවද එය අල්ලාහ්ගේ සීමාවන්ය. තවද කවරෙකු අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා යන්නේ ද එවිට සැබැවින්ම ඔහු ඔහුටම අපරාධ කර ගත්තේය. මින් පසු ව යම් කරුණක් අල්ලාහ් ඇති කරන්නට පුළුවණ යන වග නුඹ නොදන්නෙහිය.

තෆ්සීර්

අහෝ නබිවරය! නුඹ හෝ නුඹේ සමූහයා අතරින් කිසිවෙකු හෝ තම බිරිය දික්කසාද කරන්නට සිතුවේ නම්, ඇයගේ පළමු ඉද්දා -පොරොත්තු- වාරය සඳහා ඔහු ඇයව දික්කසාද කළ යුතුයි. එම දික්කසාදය, ඇය සමග සංසර්ගයේ නිරත නොවූ පිරිසිදු කාලයක විය යුතුය. නුඹලාගේ එම බිරියන් නැවතත් කැඳවා ගන්නට නුඹලා සිතුවේ නම් එසේ ගෙන්වා ගැනීමට පහසුවන පරිදි නුඹලා ඉද්දා -පොරොත්තු කාලය- සුරක්ෂිතව පිළිපැදිය යුතුය. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත්ව කටයුතු කරනු. දික්කසාද කරනු ලැබූ කාන්තාවන් පදිංචිව සිටින නිවෙස්වලින් නුඹලා ඔවුන් බැහැර නොකළ යුතුය. ඔවුන් ද ඔවුන්ගේ ඉද්දා කාලය අවසන් වන තුරු ඉන් පිටතට නො යා යුතුය. නමුත් ඔවුන් අපචාරය වැනි අශීලාචාර කටයුත්තක් සිදු කර ඇත්නම් හැර. මෙම නීති අල්ලාහ් තම ගැත්තන් හට සීමා කළ ඔහුගේ සීමාවන් වේ. කවරෙකු අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා කටයුතු කරන්නේ ද, තම පරමාධිපතිට ඔහු පිටුපෑම හේතුවෙන් විනාශයේ හේතුකාරණා ගෙනැවිත් ඔහු ඔහුටම අපරාධ කර ගනී. අහෝ දික්කසා කළවුනි! එම දික්කසාදයෙන් පසුව නුඹ නොසිතන කරුණක් සිදු වී පසුව නුඹ ඇයව නැවත ගෙන්වා ගත හැක.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න