සූරා 65 · ජුස් 28

At-Talaq · 65:11

رَسُولًا يَتْلُو عَلَيْكُمْ آيَاتِ اللَّهِ مُبَيِّنَاتٍ لِيُخْرِجَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۚ وَمَنْ يُؤْمِنْ بِاللَّهِ وَيَعْمَلْ صَالِحًا يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ قَدْ أَحْسَنَ اللَّهُ لَهُ رِزْقًا

විශ්වාස කොට යහකම් කළවුන් අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත බැහැර කරනු පිණිස අල්ලාහ්ගේ වදන් නුඹලා වෙත පාරායනය කරනු රසූල්වරයකු ද (ඔහු පහළ කළේය.) කවරෙකු අල්ලාහ් ව විශ්වාස කොට යහකම් කරන්නේ ද ඔහු ව ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා උයන් වලට ඔහු ඇතුළත් කරනු ඇත. (ඔවුන්) එහි සදහටම සදාතනිකයින් වෙති. අල්ලාහ් ඔහුට පෝෂණ සම්පත් අලංකාරවත් කළේය.

තෆ්සීර්

එම සිහිවටනය වනාහි, අල්ලාහ්ගෙන් වූ දූතයාණන්ය. කිසිදු කැළඹීමක් නැති අල්ලාහ්ගේ පැහැදිලි වදන් ඔහු නුඹලා වෙත පාරායනය කර පෙන්වයි. එය අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුගේ දූතයාණන් සත්ය කොට, දැහැමි ක්රියාවන් සිදු කළවුන් මූළාව නම් අන්ධකාරයෙන් යහමග නම් ආලෝකය වෙත ගෙන යෑමේ අපේක්ෂාවෙනි. කවරෙකු අල්ලාහ්ව විශ්වාස කර දැහැමි ක්රියාවන් සිදු කරන්නේ ද ස්වර්ග මාලිගා හා ගස් යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන්වලට අල්ලාහ් ඔහුව ප්රවේශ කරනු ඇත. ඔවුහු එහි සදාතනිකයින් වෙති. ස්වර්ගයට ප්රවේශ කරමින් එහි ඇති සුව පහසුකම් කිසිදු කප්පාදුවකින් තොරව පිරිනමමින් ඉතා අලංකාර ලෙස අල්ලාහ් ඔහුට සංග්රහ කළේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න