සූරා 65 · ජුස් 28

At-Talaq · 65:10

أَعَدَّ اللَّهُ لَهُمْ عَذَابًا شَدِيدًا ۖ فَاتَّقُوا اللَّهَ يَا أُولِي الْأَلْبَابِ الَّذِينَ آمَنُوا ۚ قَدْ أَنْزَلَ اللَّهُ إِلَيْكُمْ ذِكْرًا

අල්ලාහ් ඔවුනට දැඩි දඬුවමක් සූදානම් කළේය. එහෙයින් විශ්වාස කළ ප්‍රබුද්ධිමත් ජනයිනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් නුඹලා වෙත මෙනෙහි කිරීමක් පහළ කර ඇත.

තෆ්සීර්

ඔවුන් වෙනුවෙන් අල්ලාහ් බලවත් දඬුවමක් සූදානම් කර ඇත්තේය. එහෙයින් අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන්ව ද විශ්වාස කළ බුද්ධිමත් ජනයිනි! ඔවුනට අත් වූ ඉරණම නුඹලාටද අත් නොවනු පිණිස ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහු ගැන හැඟීමෙන් යුතු ව කටයුතු කරනු. ඔහුට පිටුපෑමේ නපුරු අවසානයත්, ඔහුට අවනත වීමේ යහපත් සිතුවිල්ලත්, නුඹලාට මෙනෙහි කරන සිහිවටනයක් සැබැවින්ම අල්ලාහ් නුඹලා වෙත පහළ කර ඇත්තේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න