සූරා 65 · ජුස් 28

At-Talaq · 65:12

اللَّهُ الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ وَمِنَ الْأَرْضِ مِثْلَهُنَّ يَتَنَزَّلُ الْأَمْرُ بَيْنَهُنَّ لِتَعْلَمُوا أَنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ وَأَنَّ اللَّهَ قَدْ أَحَاطَ بِكُلِّ شَيْءٍ عِلْمًا

අහස් හතක් හා මහපොළොවෙන් ඒවාට සමාන දෑ ද මැව්වේ අල්ලාහ්ය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය. එමෙන්ම සියලු දෑ පිළිබඳ ව දැනුමෙන් ඔහු සර්ව ප්‍රකාරයෙන් වටලාගෙන සිටියි යැයි නුඹලා දැන ගනු පිණිස ඒවා අතරට (ඔහුගේ) නියෝගය පහළ වනු ඇත.

තෆ්සීර්

අහස් හත මැව්වේ ද එම අහස් හත මැව්වාක් මෙන් පොළෝ හත මැව්වේ ද අල්ලාහ් වන ඔහුය. ඒවා අතර අල්ලාහ්ගේ ආගමික මෙන්ම ලෞකික නියෝග පහළ වන්නේය. එය සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කිරීමෙහි සර්වබලධාරී බවත් කිසිවකු විසින් ඔහුව පරාජය කළ නොහැකි බවත් සැබැවින්ම ශුද්ධවන්තයාණන් සියලු දෑ පිළිබඳ සර්වප්රකාරයෙන් දැන සිටින්නා බවත් එහෙයින් අහස්හි හා මහපොළොවේ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැති බවත් නුඹලා දැන ගනු පිණිසය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න