සූරා 63 · ජුස් 28

Al-Munafiqun · 63:9

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُلْهِكُمْ أَمْوَالُكُمْ وَلَا أَوْلَادُكُمْ عَنْ ذِكْرِ اللَّهِ ۚ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ

අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ වස්තුව හෝ නුඹලාගේ දරුවන් අල්ලාහ් මෙනෙහි කිරීමෙන් නුඹලා වෙනතකට යොමු නොකරත්වා ! කවරෙකු එය සිදු කරන්නේ ද එවිට ඔවුහුමය අලාභවන්තයෝ.

තෆ්සීර්

අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව ක්රියා කළවුනි! නුඹලාගේ සම්පත් හා නුඹලාගේ දරුවන් සලාතයෙන් හා වෙනත් ඉස්ලාමයේ වගකීම්වලින් නුඹලා වෙනතකට යොමු නොකළ යුතුයි. අල්ලාහ් අනිවාර්යය කළ සලාතය හා වෙනත් දැයින් තම ධන සම්පත් හා දරුවන් තමන් වෙනතකට යොමු කරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන් හා තම පවුලේ අය අලාභහානියට පත් කර ගත් සැබෑ අලාභවන්තයින් වන්නේ ඔවුහුමය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න