සූරා 63 · ජුස් 28
Al-Munafiqun · 63:8
يَقُولُونَ لَئِنْ رَجَعْنَا إِلَى الْمَدِينَةِ لَيُخْرِجَنَّ الْأَعَزُّ مِنْهَا الْأَذَلَّ ۚ وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ وَلَٰكِنَّ الْمُنَافِقِينَ لَا يَعْلَمُونَ
“අප මදීනාව වෙත හැරී ආවෙහු නම් උසස් අය පහත් අය ව එයින් පිටුවහල් කරනු ඇතැ”යි ඔවුහු පවසති. සියලු ගෞරවයන් අල්ලාහ් සතුය. තවද ඔහුගේ දූතයාණන් හා දේව විශ්වාසවන්තයින් සතුය. නමුත් කුහකයින් වටහා නොගනිති.
තෆ්සීර්
ඔවුන්ගේ නායකයා වූ අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි, "මදීනාවට අපි නැවත හැරී ගියේ නම් ගෞරවණීයයන් වන මා හා මාගේ පිරිස විසින්, ඉතා පහත් අය වන මුහම්මද් හා ඔහුගේ මිතුරන් පිටුවහල් කරනු ලබනු ඇත." යැයි පැවසීය. ගෞරවය සතු වන්නේ අල්ලාහ්ට පමණය. ඔහුගේ දූතයාණන් හා දේව විශ්වාසීන්හට ද සතුය. එය අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි හා ඔහුගේ පිරිසට නොවීය. සැබැවින්ම ගෞරවය අල්ලාහ්ටත් ඔහුගේ දූතයාණන්ටත් දේව විශ්වාසීන්ටත් සතු බව එම කුහකයෝ නොදනිති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න