සූරා 63 · ජුස් 28
Al-Munafiqun · 63:7
هُمُ الَّذِينَ يَقُولُونَ لَا تُنْفِقُوا عَلَىٰ مَنْ عِنْدَ رَسُولِ اللَّهِ حَتَّىٰ يَنْفَضُّوا ۗ وَلِلَّهِ خَزَائِنُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَٰكِنَّ الْمُنَافِقِينَ لَا يَفْقَهُونَ
ඔවුන් වනාහි ‘අල්ලාහ්ගේ දූතයාණන් අබියස සිටින්නන් කෙරෙහි ඔවුන් වෙන් ව යන තුරු නුඹලා වියදම් නොකරනු’ යැයි පවසන්නෝ වෙති. අහස් හා මහපොළොවෙහි සම්පත් අල්ලාහ් සතුය. එනමුත් කුහකයින් වන ඔවුහු වටහා නොගනිති.
තෆ්සීර්
‘අල්ලාහ්ගේ දූතයාණන් අබියස සිටින දිළිඳුන්හටත් මදීනාව අවට සිටින ගම්බද අරාබීන් හටත් ඔහුගෙන් ඔවුන් වෙන්ව යන තුරු නුඹලාගේ ධනය (ඔවුන් සඳහා) වියදම් නොකරනු’ යැයි පවසා සිටි අය ඔවුහුමය. අහස්හි භාණ්ඩාගාරය ද මහපොළොවේ භාණ්ඩාගාරය ද සතු වන්නේ අල්ලාහ්ට පමණය. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට එම සම්පත් පිරිනමනු ඇත. නමුත් පෝෂණ සම්පත්හි භාණ්ඩාගාරය ඔහු සතු ව ඇති බව කුහකයින් නොදනිති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න