සූරා 63 · ජුස් 28

Al-Munafiqun · 63:10

وَأَنْفِقُوا مِنْ مَا رَزَقْنَاكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ أَحَدَكُمُ الْمَوْتُ فَيَقُولَ رَبِّ لَوْلَا أَخَّرْتَنِي إِلَىٰ أَجَلٍ قَرِيبٍ فَأَصَّدَّقَ وَأَكُنْ مِنَ الصَّالِحِينَ

නුඹලා අතුරින් කෙනෙකුට මරණය පැමිණීමට පෙර අපි නුඹලාට පෝෂණය කළ දැයින් නුඹලා වියදම් කරනු. එවිට “මාගේ පරමාධිපතියාණනි! මද කලකට ඔබ මා ප්‍රමාද කළ යුතු නොවේ ද? එවිට මම පරිත්‍යාග කරමි.තවද දැහැමියන් අතුරින් කෙනෙකු වෙමි” යැයි ඔහු පවසයි.

තෆ්සීර්

නුඹලාගෙන් කිසිවෙකුට මරණය පැමිණීමට පෙර අල්ලාහ් නුඹලාට පෝෂණය කළ වස්තුවෙන් නුඹලා වියදම් කරනු. ඔහු තම පරමාධිපතිට, ‘මාගේ පරමාධිපතියාණනි! ටික කලකට නුඹ මා ප්රමාද කළ යුතු නොවේ ද! එවිට මාගේ ධනයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරමි. තම ක්රියාදාමයන් විධිමත් කර ගත් අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් අතරට මම ද පත්වෙමි' යැයි පවසා සිටියි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න