සූරා 63 · ජුස් 28
Al-Munafiqun · 63:11
وَلَنْ يُؤَخِّرَ اللَّهُ نَفْسًا إِذَا جَاءَ أَجَلُهَا ۚ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
තවද එහි අවසන් කාලය පැමිණි විට කිසිදු ආත්මයක් අල්ලාහ් ප්රමාද නොකරන්නේමය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
තෆ්සීර්
කිසිදු ආත්මයක් එහි නියමත වේලාව පැමිණ එහි ආයුකාලය අවසන් වූ විට ශුද්ධවන්තයාණන් අල්ලාහ් ප්රමාද කරන්නේ නැත. නුඹලා සිදු කරන දෑ පිළිබඳ තොරතුරු ඔහු මැනවින් දන්නාය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. එය යහපත් නම්, යහපතය. එය අයහපත් නම්, අයහපතය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න