සූරා 63 · ජුස් 28

Al-Munafiqun · 63:5

وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا يَسْتَغْفِرْ لَكُمْ رَسُولُ اللَّهِ لَوَّوْا رُءُوسَهُمْ وَرَأَيْتَهُمْ يَصُدُّونَ وَهُمْ مُسْتَكْبِرُونَ

“නුඹලා එනු. අල්ලාහ්ගේ දූතයාණන් නුඹලා වෙනුවෙන් සමාව අයැදිනු ඇතැයි” ඔවුනට කියනු ලැබූ විට ඔවුහු ඔවුන්ගේ හිස් හරවා ගනිති. ඔවුන් උඩඟු වූවන් ලෙස සිට (අල්ලාහ්ගේ මාර්ගයෙන්) ඔවුන් වැළැක්වීම නුඹ දකිනු ඇත.

තෆ්සීර්

එම කුහකයින්ට: නුඹලාගෙන් මතු වූ කරුණු සම්බන්ධයෙන් සමාව අයැදිමින් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණෙනු. ඔහු නුඹලාගේ පාපයන් සඳහා නුඹලා වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයද සිටිනු ඇත.’ යැයි පවසනු ලැබූ විට හාස්යට ලක් කරමින් හා සරදම් කරමින් ඔවුහු ඔවුන්ගේ හිස් හරවා ගනිති. කවර දෙයක් ඔවුනට අණ කරනු ලැබුවේ ද, ඔවුන් එයට පිටුපානු නුඹ දකිනු ඇත. සත්ය පිළිගැනීමට ද එය අත්පත් කර ගැනීමට ද ඔවුන් උඩඟු වෙති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න