සූරා 63 · ජුස් 28

Al-Munafiqun · 63:4

۞ وَإِذَا رَأَيْتَهُمْ تُعْجِبُكَ أَجْسَامُهُمْ ۖ وَإِنْ يَقُولُوا تَسْمَعْ لِقَوْلِهِمْ ۖ كَأَنَّهُمْ خُشُبٌ مُسَنَّدَةٌ ۖ يَحْسَبُونَ كُلَّ صَيْحَةٍ عَلَيْهِمْ ۚ هُمُ الْعَدُوُّ فَاحْذَرْهُمْ ۚ قَاتَلَهُمُ اللَّهُ ۖ أَنَّىٰ يُؤْفَكُونَ

තවද නුඹ ඔවුන් දුටු විට ඔවුන්ගේ ශරීර(හැඩරුව) නුඹ ව පිනවනු ඇත. ඔවුන් (යමක්) පවසන්නේ නම් ඔවුන්ගේ ප්‍රකාශයට නුඹ සවන් දෙනු ඇත. නියත වශයෙන්ම ඔවුන් මුක්කුවට තැබු කොට මෙනි. සෑම හඬක්ම තමන්ට එරෙහි වූවක් යැයි ඔවුහු සිතති. ඔවුහුමය සතුරෝ. එහෙයින් නුඹ ඔවුන්ගෙන් ප්‍රවේශම් වනු. අල්ලාහ් ඔවුන් විනාශ කරත්වා ! ඔවුන් (සත්‍යයෙන්) වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?

තෆ්සීර්

අහෝ අධීක්ෂණය කර බලන්නනි! ඔවුන් තුළ ඇති දැකුම්කළුභාවය හා සැප පහසුකම් හේතුවෙන් ඔවුන්ගේ ස්වරූපය හා හැඩරුව නුඹව පුදුමයට පත් කරනු ඇත. ඔවුන් කතා කරන්නේ නම් ඔවුන්ගේ කතාව තුළ රසාස්වාදයක් ඇති බැවින් එම කතාවට නුඹ සවන් දෙනු ඇත. අහෝ දූතය! සැබැවින්ම ඔවුන් නුඹේ සභාවෙහි හේත්තු කර තබා ඇති කොටන් මෙනි. කිසිවක් වටහා නොගන්නා අතරම ඒ සඳහා උදව් කරන්නේ ද නැත. ඔවුන් තුළ පවතින බියගුලුකම නිසා සෑම හඬක්ම ඔවුන්ව ඉලක්ක කර ගනිමින් පවසන්නේ යැයි සිතති. සැබෑ සතුරෝ ඔවුහුමය. අහෝ දූතය! ඔවුන් නුඹට රහස් හෙළි කිරීම හෝ නුඹට යම් කුමන්ත්රණයක් කිරීම ගැන ප්රවෙසම් වනු. අල්ලාහ් ඔවුනට ශාප කළේය. දේව විශ්වාසයේ සාධක පැහැදිලි කිරීමෙන් හා එහි සාක්ෂි නිරූපණය කිරීමෙන් පසු ඔවුන් එම විශ්වාසයෙන් වෙනතකට හැරෙනුයේ කෙසේ ද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න