සූරා 6 · ජුස් 7
Al-An'am · 6:99
وَهُوَ الَّذِي أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجْنَا بِهِ نَبَاتَ كُلِّ شَيْءٍ فَأَخْرَجْنَا مِنْهُ خَضِرًا نُخْرِجُ مِنْهُ حَبًّا مُتَرَاكِبًا وَمِنَ النَّخْلِ مِنْ طَلْعِهَا قِنْوَانٌ دَانِيَةٌ وَجَنَّاتٍ مِنْ أَعْنَابٍ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُشْتَبِهًا وَغَيْرَ مُتَشَابِهٍ ۗ انْظُرُوا إِلَىٰ ثَمَرِهِ إِذَا أَثْمَرَ وَيَنْعِهِ ۚ إِنَّ فِي ذَٰلِكُمْ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ
අහසින් (වැසි) ජලය පහළ කළේ ඔහුය. පසු ව එමගින් සියලු දෑහි පැළෑටි අපි හට ගැන්වූයෙමු. පසු ව එයින් සරුසාර දෑ හට ගැන්වූයෙමු. (කරලෙහි) එකට බැඳුණු ධාන්ය ද ඉඳි ගසින් එහි ඡද ශුකියෙහි එල්ලී පවතින ඉඳි පොකුරුද සම පෙනුමැති (රසයෙන්) සමාන නොවූ මිදි, ඔලිව් හා දෙළුම් උයන් ද එයින් අපි හට ගන්වන්නෙමු. පල ගැන් වී එය ඉදෙන විට එහි පලතුරු දෙස අවධානයෙන් බලනු. සැබැවින්ම විශ්වාස කරන ජනයාට මෙහි සංඥාවන් ඇත.
තෆ්සීර්
අහසින් ජලය පහළ කළේ උත්තරීතර ඔහුය. එය වර්ෂා ජලයයි. එමගින් සෑම වර්ගයකම පැළෑටී අපි හට ගැන්වූයෙමු. එම පැළෑටි වලින් හරිත වගාවන් බිහි කළෙමු. කරල් තුළ ඇත්තාක් මෙන් එකිනෙකට බැඳුණු ධාන්ය ඇට ද සිටගෙන සිටින්නාට හා වාඩි වී සිටින්නාට නෙළන්නට පහසු අයුරින් සමීපයෙන් පිහිටන රට ඉඳි හනසින් ඉඳි පොකුරුද අපි හට ගැන්වූයෙමු. මිදි වතු බිහි කළෙමු. අත්තික්කා හා දෙළුම් එකිනෙකට පෙනුමෙන් සමාන මෙන්ම අසමාන පල වගාවන්ද බිහි කළෙමු. අහෝ ජනයිනි, මෙම පලතුරු හට ගන්නා ආරම්භක අවදියත් එය පැහී ඉදෙන අවස්ථාවත් හොදින් නිරීක්ෂණය කර බලනු. අල්ලාහ් විශ්වාස කරන ජනයාට අල්ලාහ්ගේ බල මහිමය පෙන්වා දෙන පැහැදිලි සාධක සැබවින්ම ඒවායෙහි ඇත. එහෙයින් ඔවුන් මෙම සාධක හා සාක්ෂි මගින් ප්රයෝජන ලබනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න