සූරා 6 · ජුස් 7
Al-An'am · 6:98
وَهُوَ الَّذِي أَنْشَأَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ فَمُسْتَقَرٌّ وَمُسْتَوْدَعٌ ۗ قَدْ فَصَّلْنَا الْآيَاتِ لِقَوْمٍ يَفْقَهُونَ
එකම ආත්මයකින් නුඹලා ව නිර්මාණය කොට පසු ව (පිය කොඳු නාරටිය) රැඳවුම් ස්ථානයක් ලෙස ද (මව් කුස) තැන්පත් ස්ථානයක් ලෙසද පත් කළේ ඔහුය. අවබෝධ කරන ජනයාට සංඥාවන් පැහැදිලි කර ඇත්තෙමු.
තෆ්සීර්
එකම ආත්මයකින් ඔබ ව මැවූ උත්තරීතර දෙවිඳුන් ඔහුය. එය ඔබේ ආදි පියා වූ ආදම්ගේ ආත්මයෙනි. ඔබේ ආදි පියා පසින් මවමින් ඔබේ මැවීම ඔහු ආරම්භ කළේය. පසු ව ඔහුගෙන් ඔබ ව මැව්වේය. ඔබේ මව්වරුන්ගේ කුස තුළ රැඳී සිටියාක් මෙන් එහි ටික කලක් ඔබ රැඳී සිටින ස්ථාන ඔහු ඔබ වෙනුවෙන් මැව්වේය. එසේම ඔබේ පියවරුන්ගේ කොදු නාරටිය මෙන් සමුගෙන යන ස්ථාන ද ඔහු ඔබ වෙනුවෙන් මැව්වේය. අල්ලාහ්ගේ ප්රකාශය වටහා ගන්නා ජනයාට අප එම සාධක පැහැදිලි කළෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න