සූරා 6 · ජුස් 7
Al-An'am · 6:100
وَجَعَلُوا لِلَّهِ شُرَكَاءَ الْجِنَّ وَخَلَقَهُمْ ۖ وَخَرَقُوا لَهُ بَنِينَ وَبَنَاتٍ بِغَيْرِ عِلْمٍ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يَصِفُونَ
තවද ජින්නුන් අල්ලාහ්ට සමානයන් ලෙස ඔවුහු පත් කරති. ඔවුන් ව මවා ඇත්තේ ද ඔහුය. තවද ඔහුට පිරිමි දරුවන් හා ගැහැනු දරුවන් ඇති බව ද ඔවුහු උපකල්පනය කරති. ඔවුන් වර්ණනා කරන දැයින් ඔහු සුපිවිතුරුය අති උත්තරීතරය.
තෆ්සීර්
ජින්වරුන් සෙත සලසනු ඇතැයිද හානි පමුණුවනු ඇතැයිද දෙවියන්ට ආදේශ තබන්නන් විශ්වාස කළ අවස්ථාවේ නැමදුම විෂයයෙහි ඔවුහු අල්ලාහ් සමග ඔවුන්වද පත් කර ගත්තෝය. ඔවුන් මැව්වේද අල්ලාහ්මය. ඔහු හැර වෙනත් කිසිවෙක් ඔවුන් මැව්වේ නැත. එහෙයින් නැමදුම් ලබන්නට වඩාත් සුදුස්සා වන්නේ ඔහුය. යුදෙව්වන් උසෙයිර් අල්ලාහ්ගේ පුත්රයාණන් යැයි ද කිතුනුවන් ඊසා ඔහුගේ පුත්රයාණන් යැයි ද දේව ආදේශකයින් මලාඉකාවරු ඔහුගේ දූවරුන් යැයි ද පවසන්නාක් මෙන් ඔවුහුද ඔහුට දරුවන් ඇති බව ගොතා පවසති. එම අසත්යවාදීන් කවර දෙයක් අල්ලාහ් ගැන වර්ණනා කර සිටියේද ඔහු එයින් පිවිතුරුය. පාරිශුද්ධය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න