සූරා 6 · ජුස් 7
Al-An'am · 6:101
بَدِيعُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ أَنَّىٰ يَكُونُ لَهُ وَلَدٌ وَلَمْ تَكُنْ لَهُ صَاحِبَةٌ ۖ وَخَلَقَ كُلَّ شَيْءٍ ۖ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
(ඔහු) අහස් හා පොළොව පූර්වාදර්ශයකින් තොර ව මැවූ මැවුම්කරුය. ඔහුට සහකාරියක් නොසිටිය දී ඔහුට දරුවකු ඇති වන්නේ කෙසේද? සියලු දෑ මැව්වේ ඔහුය. තවද සියලු දෑ පිළිබඳ ව ඔහු සර්වඥය.
තෆ්සීර්
ඔහු පිවිතුරුය. උත්තරීතරය. අහස් හි මැවුම්කරුය. කිසිදු පූර්වාදර්ශයකින් තොරව මහපොළොව මැව්වේය. එසේ තිබියදී ඔහුට දරුවෙකු හෝ බිරියක් සිටිය හැක්කේ කෙසේද? ඔහු සෑම දෙයක්ම මැව්වේය. ඔහු සියලු දෑ පිළිබඳ සර්වඥය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න